ව්‍යාපෘති කෝ-වර්කින් අවකාශය

Carson Cumberbatch කෝ-වර්කින් අවකාශය

කොළඹ 1 තිබුණු අතහැරපු කාර්යාල තට්ටුවක් Carson Cumberbatch PLC වෙනුවෙන් කෝ-වර්කින් අවකාශයක් කළා.

සේවාදායකයා
Carson Cumberbatch PLC
වර්ගය
කෝ-වර්කින් අවකාශය
නිම කළේ
ජනවාරි 2025
ප්‍රමාණය
වර්ග අඩි 3,000
ස්ථානය
ජනාධිපති මාවත, කොළඹ 1
කෝ-වර්කින් තට්ටුව: ඕක් හෙරින්බෝන් බිම උඩ කළු වානේ රාමු තියෙන වීදුරු රැස්වීම් පොඩ්, උඩින් කොළ පාට ට්‍රස්, දකුණු පැත්තේ ජනෙල්

අවශ්‍යතාවය

Carson Cumberbatch PLC ට ඕන වුණේ වර්ග අඩි 3,000ක අතහැරපු කාර්යාල තට්ටුවක් කෝ-වර්කින් අවකාශයක් කරන්න.

අභියෝගය

එකම විවෘත තට්ටුවක් අවධානයෙන් වැඩ කරන්න, රැස්වීම් වලට සහ විවේකයට ගැළපෙන්න ඕන වුණා, දවල් එළියයි නගරයේ සහ මුහුදේ දසුනයි නැති නොකර.

ප්‍රවේශය

කළු වානේ රාමු තියෙන වීදුරු පොඩ් වලින් එළිය නවත්තන්නේ නැතුව පෞද්ගලිකත්වය දෙනවා. ඕක් හෙරින්බෝන් බිම උඩ, සේජ් කොළ පැනල් සහ ඒ කොළ පාටින්ම තීන්ත ගාපු ට්‍රස් නිසා මුළු තට්ටුවම එකට බැඳෙනවා; හැම පොඩ් එකකම මෝස්තර සිමෙන්ති ටයිල්. දිග ලී මේස, සුදු සබ්වේ ටයිල් සහ කොළ කැබිනට් තියෙන කුස්සිය, ලී දැල් මේස තියෙන වහල මත ටෙරස් එකෙන් ඉඩ සම්පූර්ණ වෙනවා.

කෙටුම්පත: ශෙනාලි තහවුරු කරන්න ඕන.